මුහුදට හැකිද සෙවුමට තම දිය බිදු ගණන
මවකට හැකිද කිවුමට තම සෙනෙහෙ තරම
එහෙයින් සොඳුර නොඅසනු මා ආලෙහි තරම
තරු කැට නැතිව අඹරට දිලිසුමක් නැතේ
දිය බිදු නැතිව මුහුදට සිසිලසක් නැතේ
සෙනෙහස නැතිව මවකට කිරි එරෙන්නැතේ
වස්තුව නැතිව මා හට ජීවයක් නැතේ'
මහඹර යනු තරු කැට පමණක්ම නොවේ
සයුරක් යන්න දිය බිදු පමණක්ම නොවේ
මවකගේ සිතේ සෙනෙහස පමණක්ම නොවේ
එනමුදු මාහට නුඹ හැර වෙන කවුද අනේ
අඹරේ තාරකා ගිනි ගෙන දැවෙද්දෙන්
දිය බිදු නැතිව සයරත් හිස් උනා දෙන්
මවකගේ සෙනෙහෙ ඇයගෙන් ගිලිහුනාදෙන්
නුඹ නැති උනොත් මගේ හද නැවතුනාදෙන්
No comments:
Post a Comment