සඝ මුවිනු යළි දෙසද්දී
කිමටදැයි අපි අසන්නේ
සොදුර නුඹ මා ආලයෙන් බව්
සගවලන්නට ද ලෝකයෙන්...
නුඹත් බියගුලුය
මා ද අසරණය
නමුදු අපගේ අධිෂ්ඨානය
සත් සයුර පරදවන තරම්ය...
කාලය දුවනවා ඉවසනු බෑ අපට
කාලය නතරවී ඉවසනු බෑ මෙමට
කාලය හරස් වී අපගේ ආලයට...
ආදරය සුන්දරය
කෙදිනකවත් නැතිවම බැරිය
මා නොවේ කියන්නේ
ලෝ පසිදු පඩිවරුය
එහෙත් අප දෙදෙනට
ඇයිද තහනම්
සොදුරු ආලය...
ආලය උපදින්නේ
පිඹුරුපත් ඇද නම්
අපි දෙදෙන කිසිදිනක
ආලයෙන් නොවෙලෙනු ඇත
එහෙත් මා සොදුර
දෙසිතක එක් වන විට
මුලු ලොවම අදුරුය
දිදුලන්නේ ආලයම පමණි...
No comments:
Post a Comment