Pages

කියවන්නට නොව රසවිදින්නට

Harindu Danthanarayana ආදරේ කරන්න පටන් අරන් ගොඩක් කල්. ඒ වුනාට Harindu ට ඇත්තටම ආදරේ ලැබෙන්න අරන් තාම අවුරුදු 3. දෙයියනේ ඒ අවුරුදු 3 ට කොච්චර නම් දේවල් උනාද ? ඒ කාලෙ ඇතුලත ආදරේ නිසා දැනුන දුක, සොම්නස ලස්සන වචන වලට පෙරලුනෙ ඒ දුක, සොම්නස දරාගන්න ගොඩක් අමාරු වුන හින්දමයි....

Wednesday, August 17, 2011

පිරිත් මැද 27.06.2010

බුදු මුවින් දෙසූ බණ
සඝ මුවිනු යළි දෙසද්දී
කිමටදැයි අපි අසන්නේ
සොදුර නුඹ මා ආලයෙන් බව්
සගවලන්නට ද ලෝකයෙන්...
නුඹත් බියගුලුය
මා ද අසරණය
නමුදු අපගේ අධිෂ්ඨානය
සත් සයුර පරදවන තරම්ය...
කාලය දුවනවා ඉවසනු බෑ අපට
කාලය නතරවී ඉවසනු බෑ මෙමට
කාලය හරස් වී අපගේ ආලයට...

ආදරය සුන්දරය
කෙදිනකවත් නැතිවම බැරිය
මා නොවේ කියන්නේ
ලෝ පසිදු පඩිවරුය
එහෙත් අප දෙදෙනට
ඇයිද තහනම්
සොදුරු ආලය...

ආලය උපදින්නේ
පිඹුරුපත් ඇද නම්
අපි දෙදෙන කිසිදිනක
ආලයෙන් නොවෙලෙනු ඇත
එහෙත් මා සොදුර
දෙසිතක එක් වන විට
මුලු ලොවම අදුරුය
දිදුලන්නේ ආලයම පමණි...

No comments:

Post a Comment